රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට මත්තල ගුවන්තොටුපොළ සැරසේ...

Report

අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස විකිණීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අතුරු නියෝගයක්...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අතුරු නියෝගයක්...

"ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබාදිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා."

"මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි. ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබාදිය යුත්තේ ජපන් සමාගම්වලටයි."

මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

"ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජෙයිශංකර් මහතා මා හමුවේ ප්‍රකාශ කළා."