IPL වෙන්දේසියේදී මතීෂ ඉන්දීය රුපියල් කෝටි 18කට අලෙවි වෙයි

Report

අද (16) දිනයේ ආරම්භ කරනු ලැබූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි වී තිබේ.

ඒ වගේම එහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අයි පී ඒල් ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වීමයි .

වනිඳු ලක්නව් කණ්ඩායම මිලදී ගනියි

වනිඳු ලක්නව් කණ්ඩායම මිලදී ගනියි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණව මිලදී ගනු ලැබීය.

ඒ අනුව මතීෂ පතිරණ හිමුවූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20කි. 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිටත් පැවැත්වෙයි.