විහාරස්ථාන අටක විහාරාධිපති ධුරය හෙබවූ පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි අපවත් වෙයි..
By Sewvandhi
ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක 83 වැනි වියේ පසු වූ අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී තිබේ.
උන්වහන්සේ, මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත.
යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධුරය හෙබවූ පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි සිදු කළ ශාසනික සේවාව අවස්ථා කිහිපයක දී ම ඇගයීමට ලක් ව තිබේ.
උන්වහන්සේ, උසස් පෙළ බෞද්ධ ධර්ම සංඝාය, ලේඛන රේඛා සහ හින්දු ආර්ය සංස්කෘතිය, වන්දනා ගාථා සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු ග්‍රන්ථ රැසක් ද රචනා කළ හිමි වියත් යතිවර නමකි.