අපේ කෙල්ලෙක් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තුන්වන ස්ථානය හිමි කරගනි..(PHOTOS)
By Sewvandhi
අපෙ රට ජාත්‍යන්තරයට රැගෙන යන්න අපේ දක්ෂ කෙල්ලෙක් සමත්ව තිබුනා. මෙවර ''MasterChef Australia'' තරගාවලියේ අවසන් තිදෙනා අතරට පැමිණ තුන්වන ස්ථානය හිමි කරගත්තේ ශ්‍රී ලාංකීය තරගකාරියක් වන සවින්ද්‍රි පෙරේරායි.
ඇයට මෙම තරගාවලියේ එක් වටයකදී ඉවත් වීමට ද සිදුව තිබූණු නමුත් ඇයගේ කෑම සැකසීමේ සුවිශේෂී දක්ෂතා සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් හේතුවෙන් නැවත තරගය සඳහා අවතීර්ණ වීමට විනිශ්චය මණ්ඩලය ඇයට අවස්ථාව ලබා දී තිබුණා.
ඒ අනුව සවින්ද්‍රි සකස් කරන ලද ලාංකීය ආහාරවලට විනිසුරුවන් අතිශයින් ප්‍රිය කිරීම හේතුවෙන් ඇයට මෙම අවස්ථාව ලැබී තිබුණු අතර 'ඇය නැවතත් තම හදවත්වලට පිවිසිණු බවයි' විනිසුරුවරුන් සඳහන් ර තිබුණා.
ඇය සැබවින්ම දක්ෂයි. ඒ වගේම ඇය මෙම තරගාවලිය පුරාවටම 'හෙළ රස' ලෝකයට අරන් යාමට දැරූ උත්සාහ කර තිබුණා.






