ටියුනීසියානු ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවට දැවැන්ත ජනතා විරෝධතා
ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් දහස් සංඛ්‍යාත ජනතාව එරට අගනුවර වන ටියුනිස්හි දැවැන්ත විරෝධතාවල නිරත වී සිටිති.
ජීවන වියදම ඉහළ යාම, ආර්ථික අර්බුදය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල වීම සහ රජයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් පවතින අප්‍රසාදය පදනම් කර ගනිමින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති කයිස් සයිඩ් බලයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු වසර පහකට අධික කාලයක් තුළ එල්ල වූ විශාලතම ජනතා විරෝධතාව මෙය ලෙස සැලකේ.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ජනාධිපතිවරයා හදිසි බලතල යටතේ පාලනය ශක්තිමත් කිරීමත් සමඟ දේශපාලන සිරකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, ඔවුන් වහාම නිදහස් කළ යුතු බවත්ය.
"ජාතික ආරක්ෂාව වෙනුවෙන් ට්‍රම්ප්ට වුණත් එරෙහි වෙනවා" - බ්‍රිතාන්‍යයේ නව අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මෙම විරෝධතාවලට සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලන පක්ෂවලට අමතරව, ආර්ථික දුෂ්කරතා සහ පොදු සේවාවන්ගේ පිරිහීම හේතුවෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාවද විශාල වශයෙන් එක්ව සිටීම විශේෂත්වයකි.
2011 වසරේ ජනතා විප්ලවයෙන් පසු දිගුකාලීන ජනාධිපති සයින් එල් අබිදීන් බෙන් අලි ධුරයෙන් ඉවත් වූ අතර, ඉන් අනතුරුව ටියුනීසියාවේ පළමු නිදහස් මැතිවරණය පවත්වා නව ව්‍යවස්ථාවක් සම්මත කර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කෙරිණි.
කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයාගේ පාලන ක්‍රියාකලාපය හේතුවෙන් එම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සහ දේශපාලන නිදහස මේ වන විට බරපතළ අභියෝගයකට ලක්ව ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.