හැටන් වල රෑට රෑට ගෙට රිංගන මිනිස් අවතාර

Report

හැටන් පොලිස් වසමේ දික්ඔය දරවල මාණික්කාවත්තේ වතුයායේ රාත්‍රි කාලයේ පුද්ගලයින් විසින් නිවාසවලට ඇතුළුවීමෙන් වතුකම්කරුවන් දැඩි භීතියට පත්වී ඇත.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

මුහුණු ආවරණය කර ඇති මෙම පිරිස වහළ හා ජනෙල් හරහා නිවාසවලට ඇතුළුවී සැරිසරණ අතර විදුලි බලය විසන්ධිවීම හේතුවෙන් හඳුනාගත නොහැකිවී ඇත.

අසල්වැසි උපකාර ඉල්ලූ අවස්ථාවේදී ඔවුන් පලා ගිය අතර, ඒ සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය සහ හැටන් පොලීසිය දැනුවත් කර ඇත.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

වතු කම්කරුවන් කියා සිටියේ, රාත්‍රී මුරට තරුණ පිරිසක් කැඳවා ඇති අතර, කිසියම් නිවසක පා සලකුණු සහ ආරක්ෂිත කැමරාවේ වීඩියෝද සොයාගෙන ඇති බවයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාපති ෆ්‍රැන්සිස් ඇලන් මහතා පොලීසිය සමඟ වතුයායට පැමිණ පියවර ගන්නා බව දන්වා ඇත. වත්මන් තත්වය හේතුවෙන් වතු කම්කරුවන් තේ පණියට යෑමට හා දරුවන් පාසල් යැවීමට බියෙන් සිටින බවද සඳහන් වේ.