රසිකයින් කම්පා කරමින් ලොව පුරා අතිශය ජනප්‍රිය මාෂා ඇන්ඩ් ද බෙයාර් කාටූනය තහනම් කරන්න ඉල්ලීමක් - හේතුව මෙන්න

Report

කුඩා දරුවන් අතර අතිශය ජනප්‍රිය රුසියානු කාටූන් වැඩසටහනක් වන 'Masha and the Bear' (මාෂා සහ වලහා) බ්‍රිතාන්‍යය තුළ විකාශනය වීම නතර කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන මෙන් රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් චෝදනා කරන්නේ කුඩා දැරියක් සහ විශ්‍රාමික සර්කස් වලසෙකු වටා ගෙතී ඇති මෙම කතාමාලාව ඔස්සේ රුසියාව සිය මෘදු ප්‍රචාරණ කටයුතු ඉතා සූක්ෂම ආකාරයට සිදු කරන බවටයි.

මේ අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටොම් ගෝර්ඩන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය සංස්කෘතික ලේකම් ලීසා නන්දි වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ මේ සඳහා වහාම මැදිහත් වන ලෙසයි.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

එමෙන්ම අඳාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ මෙම කාටූනය තුළ අන්තර්ගත වන ප්‍රචාරණාත්මක කරුණු කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවත්, එක් කථාංගයක මාෂා සෝවියට් යුගයේ නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටීම ඊට කදිම උදාහරණයක් බවත් ය.

කෙසේ වෙතත් යූ ටියුබ් ජාලය තුළ මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ කාටූන් වැඩසටහන් අතරට අයත් වන මෙහි මිනිත්තු හතක කථාංගවලින් එකක් වන "Recipe for Disaster" වෙබ් අඩවිය තුළ බිලියන 4.6 කට වඩා නරඹා ඇති බව සඳහන්.

එමෙන්ම මෑතකදී නෙට්ෆ්ලික්ස් සහ අයි.ටී.වී නාලිකාවේ ඩිජිටල් වේදිකාව වන අයි.ටී.වී.එක්ස් ඔස්සේ ද මෙම කතාමාලාව නැවත විකාශනය කිරීම අරඹා තිබෙනවා. එබැවින් මන්ත්‍රීවරුන් අවධාරණය කරන්නේ මෙවැනි ප්‍රබල ගෝලීය සහ දේශීය මාධ්‍ය වේදිකා හරහා බ්‍රිතාන්‍ය දරුවන් වෙත මෙම අන්තර්ගතයන් ළඟාවීම කිසිසේත් පිළිගත නොහැකි බවත්, ඊට එරෙහිව රජය වහාම ක්‍රියාත්මක විය යුතු බවත් ය.

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

එසේම මෙම කතාමාලාව රුසියානු 'මෘදු බලයේ' මෙවලමක් වශයෙන් යුක්රේන රජයේ පිටුබලය ලබන ආයතනයක් සහ එස්තෝනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ද මීට පෙර දැඩිව විවේචනය කර ඇත.

එමෙන්ම යුක්රේනයේ සාවද්‍ය තොරතුරු මැඩලීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, අනෙකුත් ජාතීන්ගේ සම්ප්‍රදායන් සමච්චලයට ලක් කිරීම සහ සෝවියට් සංකේත මෙන්ම මිලිටරිවාදී තේමාවන් සාමාන්‍යකරණය කිරීමක් මෙම කාටූනය ඔස්සේ සිදුවන බවයි.

කෙසේ වුවද මෙම සියලු චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන 'Masha and the Bear' හි නිර්මාපකයන් වන රුසියානු ඇනිමේෂන් ස්ටූඩියෝවක් වන Animaccord ආයතනය සඳහන් කරන්නේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් බවයි.

එමෙන්ම සිය නිර්මාණයේ කිසිදු දේශපාලන පණිවිඩයක් අන්තර්ගත නොවන බවත්, ඊට එරෙහිව නැගෙන චෝදනා කිසිදු පදනමකින් තොර බවත් එහි ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පවසයි. 

තවත් නරක ආරංචියක් - ලංකාවට එන මේ පිරිසත් අඩු වෙයි

තවත් නරක ආරංචියක් - ලංකාවට එන මේ පිරිසත් අඩු වෙයි

පාසල් දරුවන් ඉලක්ක කරමින් රජයෙන් දැවැන්ත මෙහෙයුමක්- ෆාමසිවලට එන අලුත්ම කට්ටලය මෙන්න

පාසල් දරුවන් ඉලක්ක කරමින් රජයෙන් දැවැන්ත මෙහෙයුමක්- ෆාමසිවලට එන අලුත්ම කට්ටලය මෙන්න