හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අධිකරණයට.

Report

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ආකාරයෙන් හැසිරීමේ සිද්ධියට හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේ ය.

ඒහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 07 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කළේ ය.

එමෙන්ම එහි ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් අධිකරණය අද නියෝග කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join