මර්වින් සිල්වාට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

By Sewvandhi Aug 18, 2022 10:24 AM GMT
Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවට ඉදිරිපත්වීම ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය.

කැලණිය ප්‍රදේශයේ හරක් මැරීම නතර කළ මෙම සැකකරුට ඇප අවශ්‍ය නොවන බවත් මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW