තම බිරිඳ පුදුම කරන්න සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කරයි...ලෝකයේම අවධානය ඒ දෙසට..(PHOTOS)
By Aruna
ගොවියෙකු වූ ලී විල්සන් තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ අක්කර 80 ක භූම් ප්‍රමාණයක සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ලී විල්සන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, එළඹෙන අගෝස්තු 10 වැනිදාට යෙදී තිබෙන 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් තම බිරිඳව පුදුම කිරීමට මෙය සිදු කළ බවයි.
එමෙන්ම ඔහුගේ බිරිඳ බොහෝ සේ සූරියකාන්ත මල් වලට ආශා කිරීම හේතුවෙන් පුත්‍රයාගේ සහායද සමග අක්කර 80 ක මෙම වගාව සිදු කර ඇති බවයි ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
මේ වන විට අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් හොඳින් වැඩී තිබෙන බවයි එරට මාධ්‍ය පවසන්නේ.




