ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ..ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට වෙනම අවස්ථාවක් ..

By Piyumika Oct 14, 2024 02:10 AM GMT
Report

 ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (14) සිදුකෙරෙනවා.

එකින් එක එලියට එන සැගවූ සුකෝපබෝගී ප්‍රභූ වාහන..(VIDEO/ PHOTOS)

එකින් එක එලියට එන සැගවූ සුකෝපබෝගී ප්‍රභූ වාහන..(VIDEO/ PHOTOS)

මේ වන විට දිවයිනේ පවතින ආපදා තත්ත්වය තැපැල් ඡන්ද සලකුණු කිරීමට බාධාවක් නොමැති බව ගාල්ල මැතිවරණ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, කියා සිටියා.තැපැල් ඡන්ද ලකුණු කිරීමට සුදුසුකම් ලැබු 1576 ක් සිටින බව ඔහු වැඩිදුරත් කියා සිටියා.

අද දිනයේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18 වැනිදා අවස්ථාව ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර තිබුනේ.

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා ඇල්ලූ මෙහෙයුම..

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා ඇල්ලූ මෙහෙයුම..

පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප තැන්පත් කර තිබූ නමුත් ඉන් පිළිගත් දේශපාලන අටක් සහ ස්වාධීන එක් කණ්ඩායමක් පමණක් නාමයෝජනා බාරදී තිබුනා.

ලබන 26 වනදා පැවත්වෙන ඇල්පිටිය ඡන්දයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වනදා සිට 20 දක්වා ඒවා බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.