එළවලු මිල අඩු වෙයිද?
නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන මිල මාෆියාව කඩිනමින් නැවැත්වීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා අද (12) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියා.
මේ සඳහා රජය සමඟ එකතු වී ක්‍රමවත් විසඳුමක් ලබා දෙන බව ඔහු පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන රැසක සිදු කළ නිරීක්ෂණ චාරිකා වලදී මෙම මිල මාෆියාව ප්‍රධාන ගැටළුවක් ලෙස වාර්තා වූ බවයි.
ඒ අනුව ගොවියන්ට තමන්ගේ එළවළුවල මිල තීරණය කරන්නට හැකි වන ක්‍රමවේදයක් නිර්මාණය කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.