මාක් සකර්බර්ග්ට සැත්කමක්.

By Hashini Nov 04, 2023 03:48 AM GMT
Report

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදු කර තිබෙනවා.

ඔහු මෙම සැත්කමට භාජනය කර ඇත්තේ දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන්.

මාක් සකර්බර්ග් මේ බව සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් සඳහන් කර තිබෙනවා.

එම පණිවුඩයෙන් සකර්බර්ග් තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වා තිබෙනවා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) තරගයක් සඳහා තමන් පුහුණු වෙමින් සිටි බවත් ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මාක් සකර්බර්ග්, ආදරය සහ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය ස්තූතිය පුද කරන අතරම සුව වීමෙන් අනතුරු ව නැවත MMA පුහුණුවීම් සඳහා එක්වීමට සූදානමින් සිටින බව ද පවසනවා.