බාල ගල් අගුරු ගෙන්වූ සමාගමටම තවත් ඕඩර් 25ක් දීලා - මරික්කාර්

Report

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමේ වංචාව යටගැසීමට සමගි ජන බලවේගය කිසිසේත් ඉඩ නොදෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

අද (22) එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.

මරික්කාර් මහතා පෙන්වා දෙන්නේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම ගල් අඟුරු වංචාව යටගොස් ඇතැයි රජය විශ්වාස කරන බවයි.

මැදපෙරදිග වාතාවරණය සමඟ කොන්ඩම් මිල ඉහළට

මැදපෙරදිග වාතාවරණය සමඟ කොන්ඩම් මිල ඉහළට

එහෙත්, දැනටමත් අදාළ සමාගමට ගල් අඟුරු නැව් 25ක් ගෙන්වීමට අවසර ලබාදී ඇති බවත්, මීට පෙර පැමිණි නැව් 12 සඳහා අයවිය යුතු ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවත් ඔහු චෝදනා කළේය.

එමෙන්ම පැමිණි සියලු නැව්වල අඩංගු ගල් අඟුරු ප්‍රමිතිය කිලෝ කැලරි 5900ට වඩා අඩු මට්ටමක පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

ඇමරිකාව ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු රන් මිල තවත් ඉහළට

ඇමරිකාව ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු රන් මිල තවත් ඉහළට