මාරවිලදී අවසනාවන්ත ලෙස දරුවෙකු දියේ ගිලි මරුට
මාරවිල ලංසිගම වෙරළ තිරයේ ගල් වැටියක් අසළ 7 වෙනි දින පස්වරුවේ දිය නාමින් සිටි තරුණයන් පස් දෙනකුගෙන් එක් අයකු රළ පහරකට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටියදී සිරුර සොයා ගත් බව මාරවිල මුලස්ථාන පොලිසිය සදහන් කර තිබේ.
මෙලෙස දියේ ගිලි මිය ගොස් ඇත්තේ නාත්තණ්ඩිය අක්කර 80 ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දිහාර මලිදු ධනංජය නැමති පාසල් සිසුවෙකි .
ඔහු නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිට පසුගියදා පැවති අධ්‍යාපන සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකි.
විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දෙමින් නැවත නැවතත් ලෝකයට මනුස්සකම පෙන්වූ යුද හමුදා සෙබළා
පාසලේ සම වයසේ මිතුරන් පස් දෙනකු සමග ලංසිගම වෙරළට ගොස් දිය නාමින් සිටියදි පස් දෙනාම රළ පහරකට ගසා ගෙන ගොස් ඇති අතරසිවි දෙනකු දිවි බේරාගෙන ගොඩට පැමිණියත් එක් අයකු අතුරුදහන් වී තිබුණි.
මිය ගිය තරුණයා පවුලේ බාලයා වන බව සදහන් වේ . ඔහුට වැඩිමහල් එක් සහෝදරයකු සිටින පවුලක දෙවැනි දරුවායි.
අතුරුදහන් වු තරුණයාගේ සිරුර පැය තුනකට පසු දියමත පාවෙමින් තිබියදි එම ස්ථානයට පැමිණි සිටි පිරිසක් විසින් ගොඩට ගැනීමට කටයුතු කර තිබේ
මාරවිල සිට වෙන්නප්පුව දක්වා මුහුදේ මේ දිනවල පවතින රළු ස්වභාවය හේතුවෙන් දිය නෑම ඉතා අනතුරුදායක බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත