ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දුන් සහන යොමු කරලා තිබ්බත් ඒ වෙනුවට මහ බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කරලා..

Central Bank of Sri Lanka Sri Lanka Government Of Sri Lanka Businessman
By Piyumika Dec 26, 2024 12:30 PM GMT
Piyumika

Piyumika

Report

ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමුඛ නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීම සඳහා ‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කර තවත් සහන කාලයක් දීමට පියවර ගෙන ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අද (26) පැවසීය.

සුමිහිරි පානේ පදමට ගහලා අද මැරුණත් සැපයි කියලා යන උන්දලාට මාස 12ක බෝනස් එකක් ලැබෙන්නයි යන්නේ..

සුමිහිරි පානේ පදමට ගහලා අද මැරුණත් සැපයි කියලා යන උන්දලාට මාස 12ක බෝනස් එකක් ලැබෙන්නයි යන්නේ..

‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය දීර්ඝ කිරීම ලබන මාර්තු මස අවසානයේ අවසන් වන බවත් ණය සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරන ව්‍යාපාරිකයන්ට පමණක් සහන කාලයක් හිමිවන බවත් සදහන් කරයි.

ඒ අනුව ණය මුදල රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි 2.5 ට අඩු ව්‍යාපාරිකයන්ට මාස තුනට අමතරව අමතරව තවත් මාස 9 ක සහන කාලයක් ද, ණය මුදල රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ව්‍යාාරිකයන්ට තවත් මාස 6 ක සහන කාලයක් ද, ණය මුල රුපියල් මිලියන 50 ට වැඩි ව්‍යාපාරිකයන්ට අමතර මාස 3 ක් ලැබෙන බවත් මෙම කාලය තුළ එම ව්‍යාපාර සම්බන්ධයෙන් අලුත් කිසිඳු නීතිමය කටයුත්තක් ආරම්භ නොකරන ලෙස බැංකුවට දැනුම්දී ඇති බවත් සූරියප්පෙරුම පැවසීය.

ජනපතිට ජිවිත තර්ජනයක්..?කඩුවක් රැගෙන පැමිණ අයෙක් යකා නටයි..පොලිසියෙන් වහාම ක්‍රියාත්මක වි තත්වය මැඩපවත්වයි..

ජනපතිට ජිවිත තර්ජනයක්..?කඩුවක් රැගෙන පැමිණ අයෙක් යකා නටයි..පොලිසියෙන් වහාම ක්‍රියාත්මක වි තත්වය මැඩපවත්වයි..

ව්‍යාපාරිකයන් සඳහා ආණ්ඩුව දුන් සහන ඉතාම පැහැදිළිව මහ බැංකුවට යොමුකර තිබුණ ද එම බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කර ඇති බව කී සූරියප්පෙරුම එය නිවැරදි කරන ලෙස මහ බැංකුවට දැනුම්දී ඇති බව ද සඳහන් කළේය. 

You may like this video

ReeCha