පොදුරාජ්‍ය මඩුලු යොවුන් ක්‍රීඩා උළෙලේදී ලංකාවට තවත් ජයග්‍රහණ රැසක්. (VIDEO)

By Wayomi Aug 10, 2023 08:26 AM GMT
Report

යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කම් දෙකක් ලංකාවට හිමි වී තිබෙනවා.

ඒ, මීටර් 400 කඩුළු මතින් දිවීම තරඟයෙන්.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම පැවැති මෙම තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට අඹගමුව මහා විද්‍යාලයේ සිසුවෙකු වන අයෝමාල් අකලංක සමත්වුණා.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය වන්නේ තත්ත්පර 51 දශම හයයි එකක්.

එහි මුලික් වටයේ තරග ඊයේ පැවැත්වුණු අතර, තත්ත්පර 51 දශම නවයයි නවයකින් එම තරගය නිම කිරීමට අකලංක සමත් වුණා.

මේ අතර උස පැනිම ඉසව්ව නියෝජනය කල නිලුපුල් තේජාන් මීටර් 2ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගත් අතර, මීටර් 400 කඩුළු මතින් දිවිම කාන්තා ඉසව්ව නියෝජනය කල ශලනි හන්සිකාට එහි සිව්වන ස්ථානය හිමි විය.

කැරිබියන් රාජ්‍යයේ ටිරනිඩෑඩ් හා ටුබෑගෝ හි මෙම තරඟාවලිය පැවැත්වෙනවා.  


Gallery