දෙහිවලවෙඩි ප්‍රහාරයේ පිටුපස තොරුතුරු රැසක් එලියට..

By Piyumika Jan 19, 2025 08:58 AM GMT
Report

ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.

බිහිසුණු වෙඩි තැබීමක්..

බිහිසුණු වෙඩි තැබීමක්..

මෙම වෙඩි තැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු සවිඳු තරිඳු නම් බඩේවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වූ කොස් මල්ලි නැමැත්තාගේ ගෝලයෙක් බවද පැවසේ. වෙඩි තැබීමට පැමිණි සැකකරු අවුරුදු 47ක් වන අයෙකු වන අතර ඔහු බඩෝවිට අසංකගේ පාර්ෂවයේ අයෙකු බවද මේ වන විට අනාවරණය වී තිබේ.

මිලියන ගණනක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් TikTok ක්‍රියාවිරහිත වෙයි...

මිලියන ගණනක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් TikTok ක්‍රියාවිරහිත වෙයි...

කොස් මල්ලී සහ බඩෝවිට අසංක අතර දීර්ඝ කාලීනව පවතින ආරවුලක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

මෙම දෙපාර්ශ්වය අතර පවතින මෙම ආරවුල හේතුවෙන් මේ වන විට සිදුවූ මරණ සංඛාය 07ක් දක්වා ඉහළ ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධව බස්නාහිර දකුණ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

You may like this video