දැනෙන ගානකින් අඩු වෙයිද.. සහල් මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය..

Food Shortages Sri Lanka Food Crisis Latest Headlines
By Sewvandhi Oct 21, 2024 02:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මිණිපේ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නිසාන්ත අත්තනායක මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර ඇත්තේ, සහල් මිල ඉහළ යාම පිළිබඳව රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් පාරිභෝගික සේවා අධිකාරිය වගකීම් පැහැර හැර ඇති බවත් රට තුළ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු කාරණයක් නැති බවත්ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රජය මගින් සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ආරක්ෂා කිරීමට කටයුතු නොකිරීම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

මේ පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බවත් ඔහුගේ අවධානය මත කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මොල් හිමියන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් කළ යුතු බවත් එසේ නොමැතිව මෙම සහල් මාෆියාවට මුහුණ දීමට නොහැකි බවත් ඔහු සඳහන් කළා.

වර්තමාන රජයට පෙර පැවති රජයන් සම්පූර්ණයෙන්ම මෙම වගකීම ගත යුතු බව විශේෂයෙන් ඔහු සඳහන් කළා.

වර්තමාන රජයත් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු නොකළහොත් ඉදිරි මාස දෙක තුළ සහල් අර්බුදයක් ඇතිවීමට හැකි බවත් ඊළඟ අස්වැන්න කැපීමට ඇත්තේ ජනවාරි මාසයේ බැවින් මේ ඉදිරි මාස දෙක පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසනවා.

එසේ නොවුනහොත් අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.