විපක්ෂ නායක සජිත්ට තවත් ප්‍රභලයෙකුගේ සහය හිමිවෙයි..!
ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව, දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ පා.ම මනෝ ගනේෂන් ප්‍රකාශ කර සිටියා.
මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ඒ බව පැවසීය.
"දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව අපි මෙවර ජනාධිපතිවරණය සඳහා අපේ සහාය සහ සම්පූර්ණ සහභාගීත්වය සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව ඉතා සතුටින් පවසන්න කැමතියි. අපේ දේශපාලන මණ්ඩලයේ තීරණය අනුව සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා."