දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ තීරණය හෙට
By Sewvandhi
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානය හෙට(19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය හෙට පස්වරු 6ට කොළඹ නුගේගොඩ ඒකනායක මාවත පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරඟ කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර එහිදී තීරණයක් ගන්නා බවත් මනෝ ගනේෂන් මහතා තවදුරටත් කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |