මස් තහනමක් - මස් කන්න එපා
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පවසන්නේ මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඊයේ (03) සිට සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම, සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බවයි.
ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගිය අතර එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම ගං වතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හා ප්‍රවාහනය කිරීම සිදු වන්නේ දැයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේය.
එබඳු අවස්ථා ගැන යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙසද එසේ නොහැකි වන අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය වන 1926ට දැනුවත් කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කර ඇත.