ජනප්‍රිය ගායකයෙක් ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරකමට මාට්ටු වූ සිද්ධියේ ඇත්ත නැත්ත එළියට. - (VIDEO)

By Wayomi Jun 05, 2024 10:09 AM GMT
Report

ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර බවයි වාර්තා වුනේ.

පසුගිය 03 වැනි දා පස්වරු 12.40ට පමණ, සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත් වුණු මෙම ගායකයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.


එමෙන්ම ඔහු සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස ඊයේ (04) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කළා.

මේ සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය රැසක මෙම පුවත සංසරණය වූ අතර ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රකාශ කර සිටියේ තමා එවන් සිදුවීමකට සම්බන්ධ නැති බවත් තමා සිය නිවෙසේ සිටින බවත්ය.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත්, අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හැරුණේත් ගායන ශිල්පී මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න නොහොත් මංජුල පුෂ්පකුමාර ම බව තහවුරු වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


Gallery