සියල්ල භීතියට පත් කරමින් බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට - මළගෙදර කටයුතුත් සූදානම් කරලා

Report

මියගිය බවට පොලීසිය විසින් නිල වශයෙන් දැනුම් දී අවමංගල්‍ය කටයුතු සංවිධානය කරමින් සිටියදී, මියගියා යැයි කියූ පුද්ගලයා තමන් වෙනුවෙන් සූදානම් කළ මළගෙදරටම පණපිටින් පැමිණීමේ අපූරු සිදුවීමක් ගල්ගමුව, කොහොබන්කුලම ගම්මානයෙන් වාර්තා වේ.

මෙසේ සිය නිවසට හදිසියේම පැමිණ ඇත්තේ ගල්ගමුව, කොහොබන්කුලම ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. කීර්තිසේන නැමැති අයෙකි.

වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටි කීර්තිසේන මහතා බන්ධනාගාරය තුළදී මියගොස් ඇති බවට නාන්නේරිය පොලීසිය මගින් ඥාතීන් වෙත නිල වශයෙන් දැනුම් දී තිබූ අතර, එම පණිවිඩයෙන් දැඩි කම්පනයට පත් ඥාතීන් සහ ගම්වාසීන් එක්ව අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමට වහා පියවර ගෙන තිබුණි.

අද දවස පුරාම මේ මේ දිස්ත්‍රික්කවලට සිදුවෙන දේ පිළිබඳව අති විශේෂ දැනුම්දීමක්

අද දවස පුරාම මේ මේ දිස්ත්‍රික්කවලට සිදුවෙන දේ පිළිබඳව අති විශේෂ දැනුම්දීමක්

ගම්මානය පුරා අවමංගල්‍ය බැනර් සවි කර, මළගෙදරට අවශ්‍ය පන්දලම් ගසා ආදාහන කටයුතු සඳහා සියල්ල සූදානම් කරමින් සිටි මොහොතක, සැවොම මවිතයට පත් කරමින් කීර්තිසේන මහතා පණපිටින් නිවසට පැමිණ ඇත.

තමන් වෙනුවෙන් ලෑස්ති වෙමින් තිබූ මළගෙදරටම ඔහු මෙලෙස පැමිණීමත් සමඟ මුළු ගම්මානයම දැඩි මවිතයකට හා ආන්දෝලනයකට පත්ව ඇති අතර, පොලීසියට සිදුවූ මෙම වැරදීම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කෙරෙමින් පවතී.

ඔබේ මුළු ජීවීතයට බලපාන ග්‍රහචාරයක් සමඟ අද ලග්නයෙන් ලග්නය කියවෙන පලාපල මෙන්න

ඔබේ මුළු ජීවීතයට බලපාන ග්‍රහචාරයක් සමඟ අද ලග්නයෙන් ලග්නය කියවෙන පලාපල මෙන්න