නිළි රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණු පුවතක්!

Cinema Lead Mrs Malani Fonseka Colombo Hospital Sri Lankan Actor Actress
By Shehan Mar 12, 2025 07:47 AM GMT
Shehan

Shehan

Report

ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවට පවුලේ ඥාතීහූ පැවසූහ.

තවත් දින දෙකකින් ඇගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවෙස වෙත යෑමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එමෙන්ම ජනතාවට එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු පැවසූහ.

ReeCha