ඇය මෙය කෙලෙස දරා ගනීද..? ආදරණීය රංගන ශිල්පිනියගේ පියා සියල්ලන් සංවේදී කරමින් සියදිවි හානි කර ගනී..(PHOTOS)
By Sewvandhi
අද (11) උදෑසන රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන මලයිකා අරෝරාගේ පියා වන අනිල් අරෝරා මුම්බායි හි බන්ද්‍රා ප්‍රදේශයේදී සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙම සිදුවීම පෙරවරු 10.30 ට පමණ බන්ද්‍රා (බටහිර) හි අයේෂා මනෝර්හිදී සිදු වූ බවයි, මුම්බායි පොලිස් නිලධාරීන් පැවසුවේ.
පොලිසිය පවසන්නේ, මෙතෙක් කිසිදු සටහනක් සොයා ගැනීමට නොහැකි වූ අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ පරීක්ෂණ පවත්වන බවයි.
“මුලින්ම පෙනෙන පරිදි, එය සියදිවි නසාගැනීමක් බව පෙනේ, නමුත් අපි සිද්ධිය සෑම කෝණයකින්ම විමර්ශනය කරන්නෙමු. හදිසි මරණ වාර්තාවක් ගොනු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මකයි, යනුවෙනුයි පොලිසිය පවසා සිටින්නේ.
ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා භාභා රෝහල වෙත යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටින්නේ.


