මාලදිවයිනේදී මාට්ටු වූ ශ්‍රී ලංකා ධීවරයන් ලංකාවට එවන්නෙ නෑ - ඔවුන්ට කරන්න යන දේ මෙන්න

Report

පසුගියදා අවිශ්ක පුතා නැමැති බහු දින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය.

අනතුරුව මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග එලෙස අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දින තිහක රඳවාගෙන ප්‍රශ්න කිරීමේ කාලයකට යටත් කරගත් බව ආරක්ෂක අංශ පවසයි.

ඔවුන් සතුව තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

ඒ අනුව එම ධීවරයින් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.

එහෙත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බැවින් ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වන්නේ.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්

ඒ අනුව මෙරට ආරක්ෂක අංශ නිලධාරින් ඉදිරි දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් ය. ඒ අනුව සැකකාර පුද්ගලයන් පස් දෙනා දූපත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් වලට ලක්කරයි.

උතුරේ ජනතාවට සුබ ආරංචියක් - මෙන්න විස්තරේ

උතුරේ ජනතාවට සුබ ආරංචියක් - මෙන්න විස්තරේ