මාලනියගේ දේහය ලග සිදු වූ දේ කියන්න නිර්ධා පළමුවරට කට අරියි
ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා ජීවන ගමනට සමුදුන්නා.. ඇයගේ දේහයට ගෞරව කිරීම සඳහා කලා ලොවේ බොහෝ දෙනෙක් ඒ අවස්ථාවට සහභාගී වුණා.එය අතරින් රංගන ලෝකයේ තවත් මමගේ රංගන ශිල්පිනියක් වන නිර්දා උයන්හේවා නැමති රංගන ශිල්පිනියත් මේ අවස්ථාවට සම්බන්ධ වුණා.
ඒ අවස්ථාවේදී ඇය හැසිරුණු ආකාරය සහ දේහයට ගෞරව දැක්වූ ආකාරය සමාජයේ බොහෝ දෙනෙක්ගේ පිළිකුල් සහගත අවස්ථාවක් ලෙස විවේචනයට ලක්වුණා. ඇය දේහයට ගෞරව කරන්නේ ඡායාරූපයක් ගැනීම සඳහා ඒ නිසා තමයි සමාජයේ මේ ගැන නොයෙකුත් කතාවන් නිර්මාණය වුණේ.ඒවගේම කලා ලෝකයේ බොහෝ දෙනකුත් ඒ සම්බන්ධයෙන් කතා කරලා තිබුණා.
ඉතින් ප්‍රථම වතාවට නිර්දා මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා තිබ්බේ පහත ආකාරයේ සටහනක්.
"ජනප්‍රිය නිළියක් මළගෙදරක නෙමේ කොහේ ගියත්, ඡායාරූප ශිල්පීන් අපිව ඡායාරූප ගැනීමට කතා කරනවා. නිළි රැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වෙලා ඔයාලව කවුරුත් ෆොටෝ ගත්තේ නැහැ කියලා මම පලි නෑ. ඔයාලා මේ මගෙන් පළිගන්නේ අන්න ඒ ඊර්ෂ්‍යාව. මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. කොහේහරි ගියාම, ඡායාරූප ශිල්පීන් ඔයාවත් ඡායාරූප ගන්න තැනට පත්වෙන්න වැඩ කරන්න. මහන්සිවෙලා වැඩ කරන්න."
