මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත.. (UPDATE)

Cinema Lead Mrs Malani Fonseka Sri Lanka Actress
By Gagana News Mar 10, 2025 06:53 AM GMT
Gagana News

Gagana News

Report

ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවට පවුලේ ඥාතීහූ පැවසූහ.

තවත් දින දෙකකින් ඇගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවෙස වෙත යෑමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. එමෙන්ම ජනතාවට එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු පැවසූහ.

--------------------

ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් රෝහල්ගත කර තිබේ.

ඇය මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ළිඳකින් මතුවූ පුදුම හිතෙන දේ

ළිඳකින් මතුවූ පුදුම හිතෙන දේ

අපරාධකරුවන්ට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට නීතිය තදින්

අපරාධකරුවන්ට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට නීතිය තදින්

 
ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය

ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය

දීර්ඝ කාලීනව ඇය රෝගී තත්ත්වයකින් පෙලෙන අතර නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රෝගය උත්සන්න වී ඇති බව වෛද්‍ය මත වී ඇතැයි ද සඳහන් වෙයි.

ReeCha