මාලඹේ‑කඩුවෙල මාර්ගය ඇහෙන සුබ ආරංචිය
ජාතික අධිවේගී මාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ වෙන් කර ඇති අරමුදල් උපයෝගී කර ගනිමින් මාලඹේ‑කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර 5.56ක දුර ප්‍රමාණය වැඩිදියුණු කිරීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ .
මේ සඳහා ලංසු 08ක් ලැබී තිබෙන බව සදහන්ය එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Senarath Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 819ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.