ගම්බිම් බලා ගිය ජනතාවට ආයෙමත් කොළඹ එන්න මාකුඹුරින් බස් රථ රැසක්
අලුත් අවුරුදු හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බස් රථ සේවාව අද සිට ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කර තිබේ.
අද දිනයේ සිට එළැඹෙන සඳුදා උදෑස දක්වා සහ ඉදිරි කාලය සඳහා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකරණ සහකාර නිමල් වෙත්තසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
එතුමා සදහන් කළේ ගම්බිම් බලා ගිය ජනතාව ප්‍රධාන නගර වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් මගීන් ප්‍රමාණය අනුව කාලසටහන් සංශෝධනය කරමින් අදාළ බස් රථ ක්‍රියාත්මක කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් වෙත්තසිංහ මහතා සදහන් කළේ මෙවන් අදහසක්
"අපි අද දිනයේ සිට මේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා උදේ වරුව සහ මේ දවස් ටිකේම ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹ නගරයට එන්න බස් යොදවා තිබෙනවා. අපි අද සිට බලාපොරොත්තු වෙනවා ගම්බිම් බලා ගිය ජනතාව ප්‍රධාන නගරවලට පැමිණෙයි කියලා. ඒ නිසා අපි පුළුවන් තරම් කාලසටහන් වෙනස් කරලා මගී ජනතාව ඉන්නවානම් අපි මෙම නගරවලින් හැකිතාක් ඉක්මනට බස් පිටත් කර හැරීමට සූදානම් කර තිබෙනවා."