මෙරට බහුතරයක් උයන්නේ ගෑස් වලින්ද, දර වලින්ද නවතම හෙළිදරව්ව මෙන්න

Report

ආහාර පිසීම සඳහා මෙරට නිවාස ඒකක වැඩි ගණ­නක ප්‍රධාන බල­ශක්ති ප්‍රභ­වය ලෙස තව­මත් දර භාවිත කරන බව ජන හා නිවාස සංග­ණන වාර්තාවේ සඳ­හන් වේ.

 එම වාර්තා­වට අනුව මෙරට නිවා­ස­ව­ලින් 55.4%ක් තව­දු­ර­ටත් ආහාර පිසීම සඳහා දර භාවිත කරනු ලබයි.

 නිවා­ස­ව­ලින් 42.4%ක් ආහාර පිසීම සඳහා ගෑස් භාවිත කරනු ලබයි . 2024 වර්ෂය පාදක කර­ග­නි­මින් කළ සංග­ණ­න­යට අනුව මෙරට ඇති නිවාස ඒකක ගණන ලක්ෂ 61කි.

නිවාස 0.3%ක විදු­ලි­යත්, 0.1%ක අනෙ­කුත් ප්‍රභ­ව­ය­නුත් ආහාර පිසී­මට යොදා­ග­නු ලබයි . ඒ වගේම විශේෂත්වයක් වන්නේ ආහාර පිසීමේ ප්‍රභ­වය අදාළ නොවන 1.3%ක පිරි­සක් වීමයි.

නමුත්, 2012 ජන හා නිවාස සංග­ණ­නය හා 2024 සංග­ණ­නය සැස­ඳී­මේදී සිය­ලුම දිස්ත්‍රි­ක්ක­වල දර භාවි­තය අඩු වී ගෑස් භාවි­තය වැඩි වී තිබේ . ඒ අනුව ආහාර පිසී­මට ද්‍රව පෙට්‍රෝ­ලි­යම් ගෑස් (LPG) භාවි­තය 2012 වර්ෂ­යට සාපේ­ක්ෂව 42.4% දක්වා වර්ධ­නය වී ඇත.

2012 වර්ෂයේ මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ නිවෙ­ස්වල දර භාවි­තය වැඩි වශ­යෙන් සිදුව ඇති අතර එය 97.5%කි. 2024 වර්ෂය වන විට වැඩිම දර භාවි­ත­යක් සිදු වන්නේ මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ වන අතර එය 83.6% ක් වේ.

 මෙම වර්ෂ දෙකේම අඩු­වෙන්ම දර භාවිත කර ඇත්තේ කොළඹ දිස්ත්‍රි­ක්කයේ නිවා­ස­ව­ල වේ.

තවද 2012 වර්ෂයේ කොළඹ දිස්ත්‍රි­ක්කයේ නිවාස 28.8%ක දර භාවිත කර ඇතත් 2024 වන විට කොළඹ දිස්ත්‍රි­ක්කයේ දර භාවි­තය ශීඝ්‍ර­යෙන් අඩු වී එය 9.9%ක් බවට පත්ව ඇති බව වාර්තා වේ.