බහුතර මනාපය කමලා හැරිස්ට...

By Parami Dissanayake Aug 03, 2024 01:37 PM GMT
Report

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය, පක්ෂ නියෝජිතයින්ගේ බහුතර මනාපය දිනාගැනීමට අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සමත්ව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලනඥවරිය ලෙස ද කමලා හැරිස් පත්ව තිබෙනවා.

ඒ අනුව, 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ නිල ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරි දිනකදී කමලා හැරිස් නම් කෙරුණු ඇත.

ඒ සමග කමලා හැරිස් සිය උප ජනාධිපති නම් කිරීමට නියමිත බව ද වාර්තා වේ.