මහනුවර තදබදයට තීත තියන්න යෝධ සංවර්ධන වැඩපිළිවෙලක්

Report

මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ නාගරික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක ඉදිකිරීම් කටයුතු ඉදිරි දෙවසර තුළ අවසන් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති අතර ගැටඹේ හන්දිය ගුවන් පාලම, මහයියාව යටිබිම් උමං මාර්ගය, විලියම් ගොපල්ලව මාර්ග සංවර්ධනය සහ ලුවී පීරිස් මාර්ග සංවර්ධනය ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂාවක් ඊයේ (15) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් සිදු කර තිබේ.

අද දුන්න සියලුම කැබිනට් තීරණ මෙන්න

අද දුන්න සියලුම කැබිනට් තීරණ මෙන්න

විවිධ දේශපාලනික, පරිපාලනමය සහ මූල්‍යමය ගැටලු හේතුවෙන් අතරමග නතරව තිබූ ගැටඹේ හන්දිය ගුවන් පාලමේ වැඩ කටයුතු 2025 පෙබරවාරි මාසයේදී යළි ආරම්භ කර ඇත. ගන්නෝරුව–මහනුවර සහ පේරාදෙණිය–මහනුවර ප්‍රධාන මාර්ගවල පවතින රථවාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිකරන මෙම ගුවන් පාලම සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 14කි.

මහනුවර නගරයේ රථවාහන ගමනාගමනය පහසු කිරීම සඳහා විලියම් ගොපල්ලව මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කර සංවර්ධනය කරන අතර, ඒ සඳහා රුපියල් මිලියන 675ක මුදලක් වෙන් කර තිබේ.

මහනුවර–බූවැලිකඩ–අම්පිටිය ප්‍රදේශ සම්බන්ධ කරන ලුවී පීරිස් මාර්ගය ද ද්විත්ව මංතීරු සහ දෙපස පදික මංතීරු සහිතව සංවර්ධනය කිරීමට නියමිතය.

ඒ සඳහා රුපියල් මිලියන 539ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මහනුවර–යාපනය (A-009) ප්‍රධාන මාර්ගයට සහ උඩරට දුම්රිය මාර්ගයට පහසුකම් සැලසෙන පරිදි ඉදිකෙරෙන මහයියාව උමං මාර්ගයේ සංවර්ධන කටයුතුද නිරීක්ෂණයට ලක්ව තිබේ.

මෙම උමං මාර්ගය මීටර් 31.7ක දිගකින්, මීටර් 21.8ක පළලකින් සහ මීටර් 9ක උසකින් සමන්විත වන අතර, එහි ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 650කි.

වනාන්තර ගිනිතබන අයට වැඩේ වරදි- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

වනාන්තර ගිනිතබන අයට වැඩේ වරදි- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්