දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

Report

ලබන වසරේ දී මෙරටට බරපතළ ස්වාභාවික ආපදාවක් සිදු වීමේ 50% ට වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් කාරක සභාවේ දී ඉකුත් දා හෙළි විය. ඒ අනුව එමඟින් රාජ්‍ය මූල්‍යයට දැඩි බලපෑමක් සිදු විය හැකි බවට මුදල් අමාත්‍යාංශය පුරෝකථනයක් ද කර තිබෙනවා.

එසේම මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබූ වාර්තාවකට අනුව අදහස් දැක්වූ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

‘‘ ලබන වසරෙදි මහා විශාල ඇබැද්දියක් වෙන්න නියමිත බව හඳුනාගෙන තියෙනවා කියන එකනෙ මේ කියන්නේ. අපි දිට්වාවලින් පාඩම් ඉගෙන ගත්තා. සිදු වීමට නියමිත ආපදාවෙන් රාජ්‍ය මූල්‍යයට දැවැන්ත ඍණාත්මක බලපෑමක් වෙන්න යනවා කියලත් සඳහන් වෙනවා. එහෙම නම් කළ යුත්තේ කුමක් ද කියලා කියන්න‘‘ යනුවෙන් පැවසූ බව සඳහන්.

අද උදෑසන 05.30 ට දිවයිනටම වලංගු නිවේදනයක් - පස්වරු 2න් පසු රටටම බලපැවැත්වේ

අද උදෑසන 05.30 ට දිවයිනටම වලංගු නිවේදනයක් - පස්වරු 2න් පසු රටටම බලපැවැත්වේ

මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ද මුදල් අමාත්‍යාංශය නිශ්චය කර තිබෙනවා. ඒ අතර අයවැයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, එවන් ආපදා තත්ත්වයකට මුහුණ දී එය අවම කිරීම සඳහා අදාළ ආයතන ශක්තිමත් කිරීම සහ ඒවායේ ධාරිතාව වැඩි කිරීම ද වේ.

ඊට අමතරව රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාව සම්බන්ධයෙන් ද කාරක සභාවේ දී අවධානය යොමු කර ඇති බව සඳහන්.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට.. ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් ප්‍රබලයෙක් කට අරී

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට.. ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් ප්‍රබලයෙක් කට අරී

මේ අයට රජයෙන් විශේෂ ආධාරයක් - රුපියල් ලක්ෂ 1,150ක් වහාම වෙන්කරයි දිවයින පුරා ක්‍රියාත්මකයි

මේ අයට රජයෙන් විශේෂ ආධාරයක් - රුපියල් ලක්ෂ 1,150ක් වහාම වෙන්කරයි දිවයින පුරා ක්‍රියාත්මකයි