ත්‍රීවීලයෙන් රුන් ගාලා ආව මෛත්‍රී.. (VIDEO)
අද(26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් අතුරුගිරියේ පිහිටි නිදහස් පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවතියේ ය.
මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වුණේ ත්‍රිරෝද රථයකින් ය.
එහිදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා.
ඒ ගැන ඔහු කියා සිටියේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන හෙයින් එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකර තමා මෙලෙස ත්‍රිරෝද රථයකින් පැමිණි බවය.
එමෙන්ම, මැතිවරණ නීති සඳහා සියල්ලන්ම අවනත වීම යහපත් ක්‍රියාවක් වන බව ඒ මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුව සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්ව තිබෙනවා.
වීඩියෝ දර්ශන - Hiru News
.