මෛත්‍රී මහාධිකරණය හමුවට යයි...

Maithripala Sirisena Sri Lanka Politician Sinhala news
By Hashini Apr 28, 2025 07:17 AM GMT
Hashini

Hashini

Report

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ සාක්ෂි සටහන් කර ගැනීමක් සඳහායි.

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් අද (28) එලෙස සාක්ෂි සටහන් කරගනු ලැබීය.

2008 වසරේ ඔක්තෝබර් මස 10 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද විභාගයට ගැනුණා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ.

එම අවස්ථාවේදී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයේ පෙනී සිටියේය.

ඒ අනුව නඩුවේ පළමු වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණි.

YouTube නාලිකා 16කට තහනමක්...

YouTube නාලිකා 16කට තහනමක්...

ReeCha