ලංකාවම කතාවුණ සෙනෙහසේ නවාතැනේ සිදුවීම ගැන සේවිකාවගෙන් චෝදනා වලට කට උත්තර නැති වෙන්න උත්තර

Report

  මේ දිනවල ගොඩක් දෙනෙක් කතා කරන සිදුවීම තමයි පසුගිය දා සිදුවුණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න ගැන

මෙම ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මියගොස් ඇත ඒ අනුව පෙරේදා (3) සිදුවූ මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 13 දක්වා ඉහළ ගොස් තිබුණා

තවමත් පුද්ගලයන් පස්දෙනෙකු (5) බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

හොරණ - බටගොඩ පිහිටි සෙනෙහසසේ කැදැල්ල නැමැති නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

මෙම අනතුර සිදු වන අවස්ථාවේදී මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 72 දෙනෙකු සිට ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදීම ඉන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් තිබුණි. 

තවමත් මෙහි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී

මේ ගැන 'සෙනෙහසේ කැදැල්ල' මේ සියළු දෙනාම බලාගත් සේවිකාව  තම අදහස් දක්වා තිබේ. සමාජය නගන බොහෝ චෝදානා වලට එහි උත්තර ගැබ්ව තිබුණි.

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි

ඇය යූ ටියුබ් වැඩසටහනකට එක්වී සදහන් කළේ මෙවන් අදහසක් .

''ඔව් ගොඩක් චෝදනා තියනවා 35000 ගන්නවා කියන කතාව ඇතුළේ එතන ගොඩක් පිරිස ඉන්නේ සමාජ සේවා ආයතන වලින් පොලීසි වලින් අපිට ලබා දීපු කට්ටිය එතකොට අපි විසි ගානක් හිටියා නොමිලේ අපි බලා ගත්තු අය . අපි ඒ ගොල්ලන්ගේ සියළු නඩත්තු කටයුතු බලන්න ඕනේ බෙහෙත් හේත් බලන්න ඕනේ කෑම බීම ඇදුම් පැළදු ම් හැමදේම බලන්න ඕනේ . ඒ වගේම අපිට රුපියලක් හරි ආවනම් අපි කරලා තියෙන්නේ අපේ නොවන ඉඩමක අපි නිළධාරීන් කියපු නිසා අපි හෝල් දෙකක් හැදුවා . අපි ඒ දේවල් කළේ නිළධාරීන් කියපු නිසා . ඒ ගන්න තිස් පන්දාහ ඇතුළේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන දේවල් ,ගෙවන රෙන්ට් එක ඒ හැමදේම ඇතුළත් වෙනවා .

මොනයම් හෝ මානසික රෝගයක් නිසා බේත් ගන්න අය ඉන්නේ එතකොට ඒ ගොල්ලෝ පාලන‍ය කරන්න හරි අමාරුයි ඒ ගොල්ලන්ගේ මානසික රෝගී තත්වය වැඩි වෙන වෙලාව අපට තීරණය කරන්න බැහැ . එකම එක කාන්තාවක් විතරයි දම් වැල් වලින් ගැට ගහලා තිබුණේ . ඉක්මනට කෝප වෙනවා එයා . එයාව අපිට පාලනය කරගන්න බෑ . අනික එයාට සම්පූර්ණ අවකාශය තියලා එයාට දොරෙන් එළියට යන්න බැරිවෙන්න තමා දංවැල දාල තිබුණේ එයාගෙ කකුලේ තියනවා අවුරුදු 42 කට වැඩි තුවාලයක් .

මෙච්චර කාලයකයට හොද කර ගන්න අමාරු තුවාලෙ යම් තාක් දුරකට අපි හොද කරලා දුන්නා.

අනිත් කට්ටිය හැමෝම මේක ඇතුළේ නිදැල්ලේ හිටියා . මේක ඇතුළේ වයස පිරිසක් එකතැන හිටියා එයාලට පැම්පස් එක පවා දාන්න ඕනේ එයාල අපේ දරුවෝ වගේ . ඒගොල්ලන්ට කෑම අපි දුන්නා වෙලාවට . චූං පාං පවා 4 පාරක් අරන් දෙනවා.

අපි දැනුවත් කරලා එන්න කියන හේතුව .මෙතන හැමෝම මානසික රෝගීන් හින්දා .හැම මාසෙම සායනයක් පවත්වනවා රජයේ රෝහලකින් . මේ අයට නිවාසයට ඇවිල්ලා සියළු දෙනාවම පරික්ෂා කරනවා . බෙහෙත් දෙනවා . ඒවගේම ක්ලිනික් පොතක් මේ හැමෝටම තියනවා . මේක ලාභ ලබන ආයතනයක් නෙමේ . මව්පිය සෙවන නම් අපේ ප්‍රධානම ශාඛාව අවුරුදු 22ක් පරණයි .මෙතන හැම කෙනෙක් ගැනම තොරතුරු තියනවා . අනේ මහත්තයා මෙයාව ගන්න ''කියපු තැන් වලදි අපි සංවේදී වෙලා අපි එක්කගන ආවා . එන හැමෝටම මෙතන නිදහස තිබුණා .මට ගොඩක් දුකයි. මම දන්නවා මම මේ ගොල්ලන්න්ට සැලකුවේ කොහොමද කියලා   ''