මහින්දානන්දව අත්අඩංගුවට ගන්න වරෙන්තු
පසුගිය රජය යටතේ චීන සමාගමකින් තත්ත්වයෙන් බාල කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.