මහින්දානන්දටයි නලින්ටයි මාසෙට එකයි. වෙච්ච දේ මෙන්න..
By Mithu
කැරම් බෝඩ් වංචාවකට වසර 25 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන පුද්ගලයන්ට නියම විය. ඒ අනුව ඔවුන්ටත් සුපුරුදු පරිදි කොට්ටෙයි මෙට්ටෙයි අරගන ජම්පරේ ඇදගෙන බන්ධනාගාර ජීවිතේට හුරු වෙන්න සිදුවිය.
සිරගත වී සිටින ඔවුන්ගේ සුව දුක් බැලීමට පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒවගේම සඳහන් වන ආකාරයට ඔවුන්ට එල්ල වී තිබෙන චෝදනාවට ඇප ලබා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක් වී තිබේ. බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින සියලු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බවත් සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක සඳහන් කරයි.