අගමැති ඉවත් කලොත් රට පුරා වෙන දේ මෙන්න..ජනපතිටත් ලිපියක් යවයි..

Report

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ දින පැවති හමුවේ දී ඔවුන් මේ බව සඳහන් කර ඇත.

අගමැතිවරයා ඉවත් කිරීමට එකඟ නොවන බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා සිටිය යුතු වුවත් ඔවුන් අවධාරණය කර තිබේ.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හය දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයා ඉවත් නොකරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු සූදානම් කර ඇති අතර ඊට පළාත් පාලන නියෝජිතයන් තුන් සියයක් පමණ අත්සන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now