".ගෝඨා ගෝ ගම" ට පහර දුන් මහින්ද ඇතුළු පිරිසට ලැබුණු අධිකරණ නියෝගය..!

By Sewvandhi Dec 09, 2022 10:40 AM GMT
Report

ගාලු මුවදොර පැවති ගෝඨාගෝගමට මැයි නම වන දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනපති මහින්ද ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා.

ඒ මෙමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කරමින්.

ඒ අනුව ලබන වසරේ ජුනි 22 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතරව මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණු පිරිසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ද ඇතුළත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now