මාලනී දුටු මහින්ද ෂොක් වෙයි..සංවේදී දර්ශනයක් [Video ]

By Mithu May 25, 2025 10:48 AM GMT
Report

නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත විය. ඒ වෙනුවෙන් ඇයට අදරේ කරපු සුවහසක් රසික රසිකාවියන් බොහෝ දෙනා සංවේදී වූ අතර අද බොහෝ පිරිසක් එතුමියට අවසන් ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපටි සංස්ථාවට පැමිණියා. ඒ අතර බොහෝ දෙනෙක්ගේ නෙත ගැටුණු චරිතයකුත් මේ අවස්ථාවට සම්බන්ධ වුණා..

මෙරට දිගින් වැඩිම වඳුරු පටිපණුවා සොයා ගනී (VIDEO)

මෙරට දිගින් වැඩිම වඳුරු පටිපණුවා සොයා ගනී (VIDEO)

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා ඒ අවස්ථාවට සම්බන්ධ වී ඇයට අවසන් ගෞරව දැක්වූ අතර ඔහු ඇයගේ වියෝවෙන් අතිශයින්ම සංවේදි වූ බව සඳහන් වෙනවා. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට එකතු කරපු සටහනක් තුළ ඇය දේශපාලන ජීවිතයේදීත් කැපී පෙනෙන චරිතයක් ලෙසින් හමුවූ බවත් ඒ අතීතයේ කෙදිනකවත් අමතක නොවන බවත් සඳහන් කළා.

බෝට්ටුවක් පෙරළී 427ක් මරුට

බෝට්ටුවක් පෙරළී 427ක් මරුට

ඒ අවස්ථාවට සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතා සංවේදී වූ ආකාරය පහත වීඩියෝවේ ඇතුලත්..

නිළි රැජිණියනි ඔබට නිවන්සුව..