මහින්දානන්ද, ශෂීන්ද්‍ර අත්අඩංගුවට..?
2021 වසරේ දී චීනයේ සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් ප්‍රමිතියෙන් යුතු නොවීම මත රජයට ඩොලර් මිලියන හයයි දශම නවයක අලාභයක් සිදු කළේ යැයි කියන සිදුවීමට අදාළව හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ බව දැනුම් දුන්හ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ විමර්ශන නිලධාරීන් මේ බව කියා සිටියේය.
සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටින බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියහ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අතිරේක ලේකම්වරයාට ඇප හිමි වුවද නියමිත ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම මත නැවතත් ඔහු රක්ෂිත බන්ධනාගාරය වෙත ගෙනයනු ලැබීය.
2021 වසරේ මෙරට කෘෂිකර්ම අමාත්‍ය ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දරන ලද හතර කෘෂිකර්ම රාජ්‍ය ඇමති ධුරය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් දැරීය.
