ජනපති ගෝඨාභයට මහේලගෙන් රතු එළියක්...සමාජ ජාල උණුසුම් කරයි..

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අවධාරණය කර තිබෙනවා.

දෙදිනක් වයස බිළිඳියක් ඉක්මනින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට නොහැකි වීම නිසා මියගොස් ඇතැයි පළවූ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා තිබේ.

ඔහු මෙසේ සදහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

මහේල මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල සමාජ ජාල ගිණුමද ඒ හා සම්බන්ද කරමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery