පවුල් ආරවුලකින් පුද්ගලයෙක් මරුට

By Gagana News Mar 12, 2025 08:49 AM GMT
Report

 මඩොල්සිම පොලිස් වසමට අයත් රොබේරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රියේ තම බිරිඳට සහ දියණියට පිහියකින් කොටා බරපතළ තුවාල සිදුකොට, පසුව එම පුද්ගලයා ද එළවළු කොටුවේ ගසක ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රොබේරිය වතුයායේ ලයින් අංක නමය පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් වේ.

සිය සැමියා විසින් මන්නයකින් කෙටීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව (47) සහ ඇයගේ දියණිය (24) ඊයේ රාත්‍රියේම රොබේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශීක්ෂණ රෝහල වෙත මාරැ කර යවා ඇති බව වාර්තා වේ.  

පවුල් ආරවුලක් සිද්ධියට මුල් වී ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)

දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණය අද දුන් නියෝගය

දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණය අද දුන් නියෝගය