අන්තරේට ජල ප්‍රහාරයක් - අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට..

Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ලේ දී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අන්තරේට ජල ප්‍රහාරයක් - අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට.. | Madhushan Chandrajit Arrested

එහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ තවත් පුද්ගලයෙකු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විරෝධතාවය ඉල්ලීම් කිහිපයක්ම මුල්කර ගනිමින් පැවැත්විණ.

මේ අතර, ඊයේ (05) කොළඹ විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක සිසුන් එක්ව කොළඹ විශ්වවිද්‍යාලය අසළ සිදුකළ විරෝධතාවට සම්බන්ධ වූ සිසුන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුලු‍ ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

එම විරෝධතාවය පෞද්ගලීකකරණය නවතනු, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 06 ක් අධ්‍යාපනය සදහා වෙන් කරනු, මැයෙන් සංවිධාන කර තිබුණේ ය.

කෙසේ වෙතත්, එම විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ රථවාහන ධාවනය කොළඹ විශ්ව විද්‍යාලය අසළින් අවහිර වී රථවාහන තදබදයක් ද පැවතිණ.