මේ ප්‍රදේශයේ වාහන ගමනාගමන නවත්වයි - විකල්ප මාර්ග භාවිතා කරන්නයැයි දැනුම්දීමක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ මහා ජල පහරට ගසා ගෙන එන ලද විශාල උණ පඳුරු සහ ගස් මුල් පාලමේ කුළුණු මත සිරවීම හේතුවෙන්, එම අනතුරුදායක සුන්බුන් කඩිනමින් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුම් තවදුරටත් හෙට 11 වැනිදා සහ අනිද්දා 12 වැනිදා යන දින දෙක පුරාම අඛණ්ඩව සිදුකරන බව නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව ප්‍රකාශිත ඉහත දින දෙක තුළදීම උදෑසන 8 සිට සවස 5 දක්වා වූ කාලය තුළ මෙම බරපතළ සුන්බුන් ඉවත් කිරීමේ ඉංජිනේරු කටයුතු සක්‍රියව සිදුකරන බැවින්, එම කාලසීමාව තුළ මා ඔය ප්‍රධාන පාලම මතින් ගමන් ගැනීමට නියමිත සියලුම මෝටර් රථ සහ වාහන සඳහා වහාම විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ගිරිඋල්ල පොලීසිය සමස්ත රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.
පන්නල දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථ වාහන බෝපිටිය, මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්ගය ඔස්සේ කොළඹ 05 මාර්ගයට ඇතුළුවීම.
කුරුණෑගල දෙස සිට කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන මාහරගම, බෝයවලාන හන්දිය, නවතල්වත්ත, අඹේපුස්ස, කණ්ඩලම හරහා ගිරිඋල්ල මාර්ගයට පිවිස හද්දමුල්ල හන්දියෙන් කොළඹ 05 මාර්ගයට පිවිසිය හැකිය.
කොළඹ දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කුරුණෑගල දෙසට හා ගිරිඋල්ල නගරයට පැමිණෙන රථවාහන කොටදෙනියාව, මැල්ල වලාන හරහා බෝපිටිය මාර්ගය ඔස්සේ කුරුණෑගල මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.
නිට්ටඹුව දෙස සිට ගිරිඋල්ල ණගරයට හා කුරුණෑගල මාර්ගයට පිවිසෙන රථවාහන කණ්ඩලම, අබේපුස්ස (ගොවිපොල හන්දිය), නවතල්වත්ත, බෝයවලාන හරහා මහරගම හන්දියෙන් මීගමුව කුරුණෑගල මාර්ගයට පිවිසිය හැක.