මෙරට දේශපාලන ප්‍රබලයෙක් හදිසි හෘදයාබාධ තත්ත්වයකින් දැඩි සත්කාර ඒකකයට..
By krishani
ඊයේ (02) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් හදිසියේ හෘදයාබාධයකට ලක්විම හේතුවෙන් චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුට පසුගිය වසර තුනක කාලය තුළ එවැනි හෘදයාබාධයක් වැළදී ඇත්තේ හතර වෙනි වතාවට වේ.
පසුගිය පෙබරවාරී 29 දා කොළඹ අධිකරණයක දී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් විභාගයට ගත්තේ ය.
එයට ඔහු සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹට පැමිණ තිබෙනවා.
එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් පසුව චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
එහිදී හිටපු මන්ත්‍රීවරයා හෘදයාබාධයට ලක් වීමෙන් පසුව චෙන්නායි වඩපලනි විජායී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.