යුරෝපා සංගමය LTTEය ගැන ගත් අලුත්ම තීරණය ..
By Piyumika
යුරෝපා සංගමය තුළ LTTE සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස හයක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ .
ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කරමිනුයි LTTEයට පනවා ඇති තහනම මෙලෙස දීර්ඝ කර ඇත.
ඒ අනුව තහනම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවල එහි අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් රැස් කිරීම තහනම් වනු ඇති.